Thursday, November 5, 2015

විසඳුමක් රහිත ගැටලුවක් (කිඹුල් උභතෝකෝටිකය)

සිංහල විකිපීඩියාව පැත්තේ සැරිසරනකොට විසදුමක් නැති ප්‍රශ්නයක් 
හම්බුනා. කතාව තේරුම් ගන්න මටත් ටිකක් වෙලා ගියා. ප්‍රශ්නේ ගැන හිතද්දී ඇත්තටම ඒකට විසදුමක් හොයන්න බෑ  කියල තේරුණා. 
අපේ සිංහල කියමනක් තියෙනවනේ විසදුමක් නැති ප්‍රශ්නයක් නෑ කියලා. එතකොට මේක මොකක්ද?

"කිඹුල් උභතෝකෝටිකය"


කිඹුල් උභතෝකෝටිකය යනු තර්ක ශාස්ත්‍රයෙහි එන නොවිසිඳියහැකි ගැටළුවකි.

කිඹුලෙක් විසින් දරුවෙකු සොරකම් කරගෙන යයි. නමුත් පියා කිඹුලාගෙන් තම දරුවා ලබා දෙන මෙන් ඉල්ලු විට කිඹුලා පියාට පොරොන්දු වන්නේ කිඹුලා දරුවාට සිදු කරන දේ නිවැරැදිව පුරෝකථනය කිරීමට (අනුමාන කිරීමට)  සමත් වුවහොත් ඔහුගේ පුත්‍රයා  නැවත සුරක්ෂිතව ලැබෙන්නට සලස්වන බවයි.
දරුවා නැවත බාරදෙන බවට පියා අනුමාන කලහොත් ගනුදෙනුවට කිසිදු ගැටලුවක් නැත.
නමුත් දෙපාර්ශවයටම උභතෝකෝටිකයක් පැන නගින්නේ දරුවා නැවත භාර නොදෙන්නේ යයි පියා අනුමාන කලහොත් ය. මෙහිදී දරුවා තබා ගැනුමට කිඹුලා තීරණය කලහොත්ඔහුගේ කොන්දේසි ඔහු විසින්ම කඩ කෙරෙයි: පියාගේ අනාවැකිය සත්‍යවූ බැවින් දරුවා නැවත භාර දිය යුතුය. කෙසේවෙතත්දරුවා නැවත භාරදීමට කිඹුලා තීරණය කලහොත්මෙම තීරණය පෙර ප්‍රතිඵලය පදනම් කරගෙන ගනු ලැබූවක් වුවදඑවිටත් ඔහු විසින් ඔහුගේම කොන්දේසි කඩකරනු ලබයි: එය එසේ වන්නේ කිඹුලා විසින් දරුවා නැවත භාර දීම නිසා පියාගේ අනාවැකිය අසත්‍ය වීම නිසා දරුවා නැවත භාර දිය නොයුතු බැවිනි. කිඹුලා කුමක් කල යුතුද යන පැණයට යුක්තිගෝචර විසඳුමක් එයට නොමැත්තේය.

1 comment:

Don't You Think this Awesome Post should be shared ??
| විසඳුමක් රහිත ගැටලුවක් (කිඹුල් උභතෝකෝටිකය) |